
SpaceX සමාගමේ Starship රොකට්ටුවේ 6 වන දියත් කිරීම හෙට (20) පෙ.ව. 03.30 ට නියමිත වේ.
මේ මෙහෙයුමේදී රොකට්ටුව ගමන් කරන ගමන් මාර්ගය ආසන්න වශයෙන් 5 වන Starship මෙහෙයුමට සමාන වේ. එනම් රොකට්ටුවේ පළමු අදියර දියත් කිරීම අවසානයේ ආපසු දියත් පුවරුව අසළට පැමිණෙන අතර දියත් පුවරුවේ කුළුණේ ඇති රොබෝ අත් දෙකෙන් එය අල්ලා ගැනීමට උත්සාහ කරනු ඇත. දෙවන අදියර පෘථිවිය වටා වට බාගයක් පමණ ගමන් කර ඕස්ට්‍රේලියාවට බටහිරින් ඉන්දියානු සාගරයට ගොඩබැසීමට උත්සාහ කරයි.
නමුත් මෙම මෙහෙයුමේ ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ රොකට්ටුවේ දෙවෙනි අදියර, එනම් Starship යානය වායුගෝලයට ඇතුළු වීමට පෙර එක Raptor 2 රොකට් එන්ජිමක් අභ්‍යවකාශයේදී ක්‍රියාත්මක කර පරීක්ෂා කිරීමයි. අනාගත කක්ෂීය මෙහෙයුම්වලදී යානය පෘථිවි කක්ෂයෙන් ඉවත් කිරීමේ එන්ජින් දහනය (Deorbit burn) වෙනුවෙන් මෙම පරීක්ෂාව සිදු කරයි.
එමෙන්ම මීට පෙර සිදු කළ Starship මෙහෙයුම් 5 ම දියත් කළ වේලාවට වඩා වෙනස් වේලාවක මෙම රොකට්ටුව දියත් කරන්නේ යානය වායුගෝලයට ඇතුළු වන වේලාව රාත්‍රි කාලයෙන් දිවා කාලයට මාරු කර ගැනීමටයි. එය වායුගෝලයට ඇතුළු වීමේදී තාප ආවරණයට සිදු වන හානිය ගැන වඩා හොද අවබෝධයක් ගැනීමට උපකාරී වනු ඇත.
මෙම මෙහෙයුමේ තවත් විශේෂත්වයක් වන්නේ පළමු පරම්පරාවේ Starship යානා, එනම් Starship Block I යානාවල අවසන් මෙහෙයුම මෙය වීමයි. 7 වන මෙහෙයුමේ සිට භාවිත කරන්නේ Starship Block II යානායි.
SpaceX නිල සජීවී විකාශය
නිල නොවන සජීවී විකාශ
Go B13!
Go S31!
Go Starship!
Discover more from Pasindu Lakshan Perera
Subscribe to get the latest posts sent to your email.