
ඇන්ටනාව ඇතුළු උපකරණ කට්ටලය: රුපියල් 105,000
මාසික ගාස්තුව: රුපියල් 15,000
උපරිම වේගය: හරියටම කියලා නෑ, 100-200 mbps වගේ වෙන්න පුළුවන්
ගිගාබයිට් ප්‍රමාණය: ඇති තරම්
සමහරුන්ට මේක ගැන ප්‍රශ්න තියන හින්දා කියන්නම්, SpaceX සමගම Starlink අන්තර්ජාල සේවය ඉලක්ක කරන්නේ ඇමරිකාවේ සම්මතවලින් ග්‍රාමීය කියලා සලකන ප්‍රදේශ ඉලක්ක කරලා. ලංකාව වගේ පොඩි දූපතක ඉන්න අපිට ගානක් නැති වුනාට ඇමරිකාව වගේ ලොකු රටක සම්පූර්ණ රටම ආවරණය කරන්න 4G ටවර් ගහන්න අමාරුයි. ඒ නිසා ඇමරිකාවේ නාගරික ප්‍රදේශවල ඉන්න ජනතාව 4G සහ Fiber පාවිච්චි කරද්දි, ඇමරිකාවේ ග්‍රාමීය ජනතාව මිලියන ගණනක් දශක ගානක් අතීතයේ ඉඳන් චන්ද්‍රිකා හරහා ලැබෙන අන්තර්ජාල සේවාවන් භාවිත කරනවා. නමුත් ඒ චන්ද්‍රිකා ගොඩක්ම භූ ස්ථාවර කක්ෂයේ තියෙන්නේ, ඒ නිසා වේගය (bandwidth) හොඳට තිබුනට latency වැඩියි. Starlink කියන්නේ පහළ පෘථිවි කක්ෂයේ තියන චන්ද්‍රිකා මඟින් ලබා දෙන අන්තර්ජාල සේවයක්. ඒ නිසා latency එකත් අඩුයි.
4G+, 5G සහ Fiber හරහා ලැබෙන අන්තර්ජාල සේවය මීට වඩා වේගවත්. නමුත් ඒවා ලබා ගැනීම සඳහා යටිතල පහසුකම් අවශ්‍ය වෙනවා. ටවර් නැති පැත්තක 4G/5G නෑ, Fiber කේබල් නැති පැත්තක ඒකත් නෑ. Starlink හෝ අනිත් ඕනෑම චන්ද්‍රිකා හරහා ලැබෙන අන්තර්ජාල සේවයක් ලබා ගන්න අපිට අවශ්‍ය වෙන්නේ ඒ චන්ද්‍රිකා සමඟ සන්නිවේදනයට භාවිත කරන ඇන්ටනාවක් මිලදී ගැනීම පමණයි. ඒක අහස පේන තැනක සවි කළාට පස්සේ ගෙදරට අධිවේගී අන්තර්ජාල සේවයක් ලැබෙනවා. අන්න ඒ කාරණාව මූලික කරගෙන තමයි Starlink කියන්නේ ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කරන අන්තර්ජාල සේවයක් වෙන්නේ. මුහුද මැද, අහසේ, වනාන්තරයක් මැද, කාන්තාරයක් මැද වුනත් මේක වැඩ කරනවා.
ලංකාවේ ජීවත් වෙන ඔබට Starlink මිලදී ගන්න අවශ්‍යද කියලා තීරණය කරන්න ඕනේ ඔබගේ අවශ්‍යතාවයන්ට අනුව. මේක unlimited අන්තර්ජාල සේවයක්. ඒ කියන්නේ ඇති තරම් දත්ත ප්‍රමාණයක් භාවිත කරන්න පුළුවන්. වේගය 100-200 mpbs වගේ වෙනවා. මෙතන මට පෞද්ගලිකව තියන ප්‍රශ්නයක් තමයි ඇමරිකාවේ ඩොලර් 120 ට දෙන සේවය ලංකාවට රුපියල් 15,000 ට දෙනවා නම්, අපිට සම්පූර්ණ වේගය දෙන්නේ නැතුව පොඩ්ඩක් අඩු කරයිද කියලා. මොකද ඇමරිකාවේ මනුස්සයෙක්ටයි ලංකාවේ මනුස්සයෙක්ටයි Starlink භාවිත කරන්න SpaceX සමාගම පැත්තෙන් දරන වියදමේ ලොකු වෙනසක් නෑ, බදු වගේ දේවල් ඇරෙන්න. ඒ නිසා මිල වෙනස් වෙද්දි වේගයත් සීමා කරයිද කියලා මට ගැටළුවක් තියනවා.
මම මෙතන ඇමරිකාවේ සම්මතවලින් ග්‍රාමීය කියලා විශේෂයෙන් කීවේ ලංකාවේ සමහර නාගරික ප්‍රදේශවල ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශයක තියන වේගයවත් නැති හින්දා
“Starlink is best set up to serve rural villages and the rural population. We can do work in the city, but you can’t put enough bandwidth down in a city… Starlink is very complimentary to the large ISP, and especially fiber-based systems.”
-SpaceX සභාපති-
Discover more from Pasindu Lakshan Perera
Subscribe to get the latest posts sent to your email.