Pasindu Lakshan Perera
Facts Check

බාබා වැංගා, 2025 ගැන කිව්වඅදහාගත නොහැකි අනාවැකිය

ඩයනා කුමරියගේ මරණය සහ කර්කස් සබ්මැරීන ඛේදවාචකය ඇතුළු ඉතිහාසයේ බිහිසුණු සිදුවීම් ගැන අනාවැකි රැසක් කී බල්ගේරියානු අනාවැකිකාරිය, බාබා වැන්ගා ගැන ඔබත් අසා ඇති.

උපතින්ම දෑස් නොපෙනෙන ඇය මේ වන විට ජීවතුන් අතර නැති වුණත්, ඉදිරි වසර ගණනකට අනාවැකි පළ කර තිබෙනවා.

විශේෂයෙන්ම කොරෝනා උවදුර ගැනත් ඇය අනතුරු ඇඟවීමක් කර තිබුණා.

ඉතින් මේ කියන්න යන්නේ ඇය 2025 වසර පලකළ විශ්මිත අනාවැකි කිහිපයක් ගැන.

● 2025 වසර තුළදී යුරෝපය තුළ විශාල යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇත. මෙහිදී රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් තමන්ගේ ආධිපත්‍යය දරන අතර, බොහෝ අර්බුදවලින් ඔහුගේ ජයග්‍රහණය තහවුරු වනු ඇත.

● සැබෑ ලෝක විනාශය 2025 වසරේදී ආරම්භ වීමට මාර්ගය සැකසෙනු ඇත. එනම් එම වසරේදී ඇරැඹෙන පෙරගමන 5079 වසර දක්වා ගතවන අතර, එතැනදී ලෝක විනාශය සම්පූර්ණයෙන්ම සිදුවනු ඇත. මනුෂ්‍යයන්ගේ පැවැත්ම මුළුමනින්ම අවසාන වනු ඇතිය.

● 2025 වසරේදී පිටසක්වළ ජීවීන්ගේ පෘථිවියේ ආගමනයක් සිදුවිය හැකිය. එසේම පෘථිවියේ ජීවීන් සමග පිටසක්වළ ජීවීන්ගේ සහසම්බන්ධයක් සිදුවීමට ඉඩ ඇත. මෙහිදී නව බලශක්ති ප්‍රභවයක් ඇතිවීමක්ද සිදුවිය හැකිය.

● ලෝකය පුරා ඉතා භයානක ජල ගැලීම්, නියඟයන් සහ ලැව්ගිනි රැසක් ඇතිවිය හැකිය. පාරිසරික විනාශයන් රැසක් සිදුවනු ඇත.

● පෘථිවියේ දියුණු රසායනාගාරවල වැඩුණු මිනිස් අවයවවල දියුණුවක් ගැන 2025 වසරේදී පුරෝකථනය කළ හැකිය. එමගින් මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ නැංවිය හැකි අතර, මිනිස් අවයව බද්ධ කිරීමේ හිඟය පියවාගත හැකිය.

● 2025 වසරේදී ලෝකය පුරා රටවල් රැසකදී ත්‍රස්තවාදී ප්‍රහාරයන් රැසක් සිදුවනු ඇත. එහිදී ඉස්ලාමික ත්‍රස්ත බලවේග ප්‍රබල වනු ඇත.

මෙලෙස 2025ට අදාළව ප්‍රකාශ කර ඇති ප්‍රධානතම අනාවැකි 7 මේ වනවිට ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. මෙහිදී එක් අනාවැකියකින් ඇය ප්‍රකාශ කර සිටින්නේ රුසියාවේ වත්මන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් 2025 වසර තුළදී යුරෝපය තුළ තම ආධිපත්‍යය පතුරුවා ගන්නා බලගතු තත්ත්වයකට පත්වන බවය.

මෙලෙස 2025 වසරට අදාළව බොහෝ ආන්දෝලනාත්මක අනාවැකි ගණනාවක් ප්‍රකාශ කර ඇති බල්ගේරියානු ජාතික බාබා වංගා පසුගිය දශක කිහිපයක් තුළද ප්‍රකාශ කළ අනාවැකි ගණනාවක්ම සත්‍ය සිදුවීම් බවට පරිවර්තනය විය. ඒවා ඉතා සජීවී ආකාරයෙන් ලෝකය පුරා සිදුවූ ආකාරයට අපට දක්නට හැකි විය. එම අනාවැකි කිහිපයක් මෙසේය.

● දෙවැනි ලෝක මහා යුද්ධය පුරෝකථනය කිරීම සහ එමගින් සිදුවූ ජීවිත සහ දේපළ හානි ගැන සත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම.

● 1991ට පෙර සෝවියට් සංගමය බිඳවැටීම පුරෝකථනය කිරීම සහ ඒ හරහා සෝවියට් සංගමය විසුරුවා හැරීම සිදුකිරීම.

● 1986 දී රුසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම ගැන අනාවැකි පැවැසීම. මෙය ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනයයි.

● 2001 සැප්තැම්බර් 11 දින ගුවන් යානා භාවිත කරමින් ඇමෙරිකාවේ සිදුකළ මහා ත්‍රස්ත ප්‍රහාරය. විශාල යකඩ කුරුල්ලන් දෙදෙනකු ඇමෙරිකාවට පහර දෙන බව බාබා වංගා අනාවැකි ප්‍රකාශ කළාය.
● 2004 ඉන්දියන් සාගරයේ සිදුවූ විනාශකාරී සුනාමිය ගැන පුරෝකථනය කිරීම සහ එම අනාවැකිය සත්‍යයක් බවට පත්වීම.

මේ ආකාරයට මුළුමහත් ලෝකයම විස්මයට පත්කළ බාබා වංගා නමැති ගුපත් විශේෂඥවරියගේ ඉදිරි 2025 වසරේ අනාවැකි ගැන අපි දෙනෙත් හැර බලා සිටිමු.
උපුටා ගැනීම – මව්රට


Discover more from Pasindu Lakshan Perera

Subscribe to get the latest posts sent to your email.

Pasindu Lakshan Perera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *